Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2017 18:11:45 Hours

ජාතික වොලිබෝල් ශුරතාවලියේ අනුශුරතා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම්වලට

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කළ ජාතික වොලිබෝල් ශුරතාවලිය - 2017, මහරගම, ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (18) දින පැවති අතර එහිදි යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම හා කාන්තා කණ්ඩායම තරඟාවලියේ අනුශුරතා දිනාගැනීමට සමත්විය.

අවසන් තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල පිරිමි කණ්ඩායම සමඟ තරඟ වැදුණු අතර, යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම, ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමඟ තරඟ වැදුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම සුපර් ලීග් අදියරෙහි අවසන් තරඟයට සුදුසුකම් ලැබු අතර, යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම, ශ්‍රී ලංකා වරාය අධිකාරි කාන්තා කණ්ඩායම පරදවමින් අවසන් තරඟයට සුදුසුකම් ලැබීය.

'මන්චි' සමාගමේ අනුග්‍රහයෙන් මෙම ජාතික ශුරතා තරඟාවලිය පැවැත්විණ.

bridge media | Nike