Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2017 18:11:16 Hours

2017 අන්තර් රෙජිමේන්තු කාය වර්ධන, බර ඉසිලීම සහ සවි එසවීම තරඟාවලියේ ‘Mr Army' සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය වෙත

2017 අන්තර් රෙජිමේන්තු කාය වර්ධන, බර ඉසිලීම සහ සවි එසවීම තරඟාවලියේ ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (16) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රිඩා සංකිර්ණයේ දී පැවැත්විනි.

ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩඩිලි වීරමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මේ අවස්ථාව සඳහා එක්විය.

බ්‍රහස්පතින්දා (16) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රිඩා සංකිර්ණයේ දී පවත්වන ලද අන්තර් රෙජිමේන්තු කාය වර්ධන, බර ඉසිලීම සහ සවි එසවීම අවසන් මහා තරඟාවලියේ දී  ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය ශුරතාවය ද ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අනුශුරතාවය ද දිනාගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය නි‍යෝජනය කරමින් තරඟ වැදුනු සැරයන් යු.කේ. අමිල තරඟාවලියේ හොඳම කාය වර්ධක ක්‍රීඩකයාට හිමි ‘Mr Army' සම්මානය ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩඩිලි වීරමන් වෙතින් ලබාගන්නා ලදී.

අඟහරුවාදා (14) දින සවි එසවිමේ ක්‍රිඩාගාරයේ දී පැවති අන්තර් රෙජිමේන්තු සවි එසවිමේ තරඟාවලිය - 2017 සඳහා රෙජිමේන්තු 11 නියෝජනය කරමින් ක්‍රිඩකයින් සහභාගි වු අතර පිළිවෙලින් ලකුණු 19 ක් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව පළමු ස්ථානය ද, ලකුණු 17 ක් ලබා ගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය දෙවන ස්ථානය ද, ලකුණු 16 ක් ලබා ගත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව තෙවන ස්ථානයද හිමි කරගන්නා ලදි.

2017 වසරේ හොඳම සවි එසවන්නාට හිමි සම්මානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කල කෝප්‍රල් එස්.කේ.එස් ප්‍රදිප් විසින් දිනා ගන්නා ලදී.

මේ අතර බදාදා (15) දින බර ඉසිලිම් ක්‍රිඩාගාරයේදි පැවති 2017 අන්තර් රෙජිමේන්තු බර ඉසිලිමේ තරඟාවලියේ අවසන් තරඟයෙන් ලකුණූ 26 ක් ලබා ගත් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ශුරතාවය දිනා ගන්නා ලදි. රෙජිමේන්තු 16 ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසක් සහභාගි වු මෙම තරඟාවලියේ දි ලකුණු 18 ක් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව ‍අනු ශුරතාවයද ලකුණු 6 ක් ලබා ගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය තෙවන ස්ථානය ද හිමි කරගන්නා ලදි.

මෙම තරඟාවලියේ හොඳම බර එසවිමේ ක්‍රිඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කරමින් ලාන්ස් කෝප්‍රල් වසන්ත කුමාර විසින් දිනා ගන්නා ලදි.

යුද්ධ හමුදා කාය වර්ධන, බර ඉසිලීම සහ සවි එසවීම කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර විසින් මෙම තරඟාවලිය සඳහා සහභාගිවු තරඟ කරුවන් හට සිය සුබ පැතුම් එක් කලහ.

jordan release date | Zapatillas de running Nike - Mujer