Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2017 18:11:14 Hours

මුලතිව් භට පිරිස් ‘සයිබර් අපරාධ සහ ආරක්ෂව’ පිළිබඳ දැනුවත් කෙරේ

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් වෙත ‘සයිබර් අවකාශය හා සම්බන්ධ අපරාධ සහ ආරක්ෂව’ පිළිබඳ වැඩසටහනක් බදාදා (15) දින පවත්වනු ලැබීය.

‘අන්තාර්ජාලය නිවැරදිව භාවිතා කරන ආකාරයත්’, ‘සමාජ මාධ්‍ය’, ‘ද්වේශ සහගත වාර්තාවන් සහ සමාජ විරෝධි ක්‍රියාවන්’ස්මාට් ජංගම දුරකථන හා අනෙකුත් දුරකථන පිළිබඳ මෙම වැඩමුළුවේ දී දැනුවත් කරන ලද අතර නිලධාරින් 44 දෙ‍ෙනකු සහ සෙසුනිලයින් 100 දෙනෙකු පමණ සහභාගි වුහ.

12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි කර්නල් එස්.පී.පී. පක්ෂවීර සිය දේශනයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් සයිබර් අවකාශය හා සම්බන්ධ අපරාධයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි පැහැදිලි කළහ.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය ජුලි මාසයේ යුද්ධ හමුදාධිපති වශයෙන් රාජකාරි භාරගැනිමෙන් අනතුරුව, ලෝකය හමුවේ පවතින අභියෝගයන්ට සාර්ථකව මුහුණදිම සඳහා යුද්ධ හමුදා සමාජිකයින් සයිබර් අවකාශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ වැදගත්කම අවධාරණය කර තිබුණි.

Nike sneakers | Air Jordan Release Dates 2020