Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2017 19:05:10 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය සිය 5 වන සංවත්සරය සමරයි

පනාගොඩ පිහිටා ඇති බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සිය අභිමානවත් 5 වන සංවත්සර උත්සවය එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදි බදාදා (15) දින උදෑසන පවත්වනු ලැබීය.

සැමරුම් උත්සව මාලාවේ පළමු අදියර ලෙස රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සහ සේවයේ නියුතු සියළුම රණවිරුවන්ට සෙත් පැතීම සඳහා නොවැම්බර් 13 දින පනාගොඩ බෝධි රාජාරමයේදී ‍බෝධි පුජා පිංකමක් පැවැත්විය.

සංවත්සර දිනය වු අද (15) දින, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පිරිනමනු ලැබීය.

ඉන් පසුව බටහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් භට පිරිස් ඇමතු අතර, සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගි විය.

short url link | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ