Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2017 12:57:31 Hours

වෙරළ තීරය පිරිසිදු කිරීමට සහ රුක් රෝපණ ව්‍යාපෘතියට වාකරේ භට පිරිස්හි සහාය

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 බලසේනාව, පරිසර හිතකාමී ‘හරිත විප්ලව’ වැඩසටහන සමඟ එක්ව වාකරේ ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ සහ රුක් රෝපණ වැඩසටහනක් ඉරිදා (12) දින දියත් කරනු ලැබීය.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍රා ජයවීර ගේ ඉල්ලීමකට අනුව, එම බලසේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පොල්, පයිනස් සහ කඩොලාන යන පැළ වර්ග සපයන දෙන ලදි.

එ අනුව වාකරේහි පිහිටි 233 වන බලසේනාවට අනුයුක්ත 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් ද වෙරළ තීරය ආවරණය කරමින් සිදු කරන ලද ශ්‍රමදාන ව්‍යාපාරයට ඉරිදා (12) දින එක්වන ලදී.

මෙම වැඩසටහනේ දී, පොල් පැළ 40 ක්, පයිනස් පැළ 20 ක් සහ කඩොලාන පැළ 150 ක් රෝපණය කරනු ලැබීය.

23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චුල අබේනායක ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන සඳහා 233 වන බලසේනාවේ සහ 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවයේ නියුතු භට පිරිස් සහභාගි වුහ.

affiliate tracking url | adidas Yeezy Boost 350