Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2017 17:13:08 Hours

22 වන සේනාංකයේ භට පිරිස් ත්‍රිකුණාමලය රෝහල වෙත ලේ පරිත්‍යාග කරයි

ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟපෙන්වීමෙන් ලේ දන්දිමේ වැඩසටහනක් පවත්වන ලදී.

ත්‍රිකුණාමලය රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය ආර්.ඒ. දේවරාජා ගේ ඉල්ලීමකට අනුව 22 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මෙම ලේ දන්දීමේ වැඩසටහන ක්‍රියාත්මක කළහ.

මෙහිදි නිලධාරින් සහ සෙසුනිලයින් 150 කට අධික පිරිසක් ලේ පරිත්‍යාග කල අතර, ඒ වෙනුවෙන් රෝහල් අධ්‍යක්ෂක සහ කාර්ය මණ්ඩලය යුද්ධ හමුදාව වෙත ස්තුතිය පුද කළහ.

Nike Sneakers Store | Men Nike Footwear