05th November 2017 11:38:35 Hours
එක්සත් රාජධානියේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශීය නියෝජිත කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක සහ සාමදාන උපදේශක මෙසර්ස් නික් ක්ලිස්ට් මහතා (Messrs Nick Clissltt) සහ එම කාර්යාලයේ පරියේෂණ විශ්ලේෂක විදේශීය නියෝජිත පෝල් බෙන්ටෙල් මහතා (Paul Bentail), කොළඹ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් සමඟින් යාපනයේ සිදුකල සංචාරයක් අතරතුර දී බදාදා (01) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
පසුවආරක්ෂක සේනා මුලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේ දී, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මෙහෙයුම් සහ පුහුණු ප්‍රධාන මාණ්ඩලික නිලධාරිI ලුතිනන් කර්නල් නිශාන්ත මුතුමාල පශ්චාත් ගැටුම් සමයේ යාපනය ආරක්ෂක අංශවල කාර්යභාරය සහ වගකීම් පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කළහ.
මෙම සුහද හමුව අවසානයේ දී, යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් මෙම අවස්ථාව සිහිවනු වස් නික් කාලිසිලට් මහතා (Messrs Nick Clissltt) සහපෝල් බෙන්ටෙල් මහතා (Paul Bentail) වෙත සමරු තිළිණ ප්‍රදානය කළහ.
මේ අතර, බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිස බ්‍රහස්පතින්දා (02) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ද කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී හමුවිය.
මෙම හමුවේදි, 57 සේනාංකයේ සේනාංකාධිපති ‘පශ්චාත් ගැටුම් සමයේ හමුදා සහාය’ පිළිබඳව පැමිණි නියෝජිතයින් පිරිස දැනුවත් කළහ.
මෙම සුහද හමුව අවසානයේ දී, මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මෙම අවස්ථාව සිහිවනු වස් නික් කාලිසිලට් මහතා (Messrs Nick Clissltt) සහපෝල් බෙන්ටෙල් මහතා (Paul Bentail) වෙත සමරු තිළිණ ප්‍රදානය කළහ.
Sports News | シューズ