Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2017 21:20:33 Hours

ශ්‍රී ලංකා යුද හමුදා මානුෂික බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ ‘යැන්කි’ සුනඛයා වොෂිංටන් හිදී ගරු බුහුමන් ලබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානුෂික බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ ‘යැන්කි’ නම් වු සුනඛයා අගහරුවාදා (24) දින ඇමරිකා එක්සත් ජනපදයේ US මාර්ෂල් ලෙජසි ආයතනයේ (MLI) 20 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද ක්ලියරින් ද පාත් උත්සවයේදී ඉමහත් ගරු බුහුමන් වලට පාත්‍ර විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සුනඛයෙකු මෙසේ සම්මානයට පාත්‍ර වු දෙවන අවස්ථාව මේ වන අතර, යුද්ධයෙන් පීඩාවට පත් වු රටවල් වල ජන ජීවිතය ඉහල නැංවීමට සහ එම ප්‍රදේශ වඩා ආරක්ෂාකාරී බවට පත්කිරීමට විශිෂ්ඨ දායකත්වයක් සැපයු පුද්ගලයින් මාර්ෂල් ලෙජසි ආයතනයේ වාර්ෂික උත්සවයේදී ඇගයීමට ලක්කරනු ලැබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය සමග මානුෂික බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ පුරා අවුරුදු 06 ක් වැළලු බිම්බෝම්බ හදුනාගනිමින් ජීවිත රැසක් බේරාගැනීමට දායක වෙමින් රාජකාරීන් ඉටුකල මෙම යැන්කි සුනඛයා මෙම වසරේ මුල් භාගයේ විශ්‍රාම ගන්වන තුරු එම කටයුතු වල අඛණ්ඩව නියැලී සිටි අතර, බිම්බෝම්බවලට එරෙහි ළමුන් නැමති වැඩසටහන යටතේ ඇමරිකාවේ කනෙක්ටිකට් ප්‍රදේශයේ ග්‍රීන්විච් හී පාසල් දරුවන් මේ සදහා අනුග්‍රහය දක්වා තිබේ.

යැන්කි සුනඛයා ඔහුගේ හසුරුවන්නා සමගින් බිම්බෝම්බ වලදමා තිබු වර්ග මීටර් 62680 ක ප්‍රදේශයක් ආරක්ෂිතව බිම්බෝම්බ ඉවත් කිරීමට සමත් වී ඇති අතර, මාර්ෂල් ලෙජසි ආයතනය විසින් මෙම සුනඛයා K9 තානාධිපති ධූරයට පත්කර පාසල් සහ පොදු ස්ථානවල බෝම්බ නිශ්ක්‍රීය සංදර්ශන වැඩසටහන් සදහා ශ්‍රී ලංකාවේදීත්, එතෙරදීත් සහභාගී කරගෙන ඇත.

යැන්කි සුනඛයා සහ ඇයගේ හසුරුවන්නා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ මානුෂික බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ ලාන්ස් කෝප්‍රල් ටී.කේ.ඩි රාජපක්ෂ මෙම උත්සවයේදී ඔවුන් ඉටුකරන ලද විශිෂ්ඨ සේවය සහ එකිනෙකා අතර ඇති විශ්ෂ්ඨ බැදියාව වෙනුවෙන් මාර්ෂල් ලෙජසි ආයතනයේ සභාපති සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂකගේ අතින් 2017 වර්ෂයේ හොදම සුනඛ කණ්ඩායමට හිමි සම්මානය ලබාගන්නා ලදී.

මෙම උත්සවයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ ඉංජිනේරු බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනවිරත්න, යැන්කි සුනඛයා සහ ලාන්ස් කෝප්‍රල් ටී.කේ.ඩි රාජපක්ෂ සහභාගි විය.

ලාන්ස් කෝප්‍රල් ටී.කේ.ඩි රාජපක්ෂ සම්මානය පිළිගනිමින් බිම්බෝම්බ උවදුරින් ශ්‍රී ලංකාව මුදවාලීමට මාර්ෂල් ලෙජසි ආයතනය වෙත ස්තූතිය ප්‍රකාශ කරන ලදී.

මාර්ෂල් ලෙජසි ආයතනය බිම්බෝම්බ උවදුරින් පීඩා විදින රටවල් වලට සහයෝගය ලබාදෙන ලාභ නොලබන ආයතනයක් වන අතර, ශ්‍රී ලංකා යුද හමුදා මානුෂික බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයට නිරතුරුව ආධාර කරයි. මෙම ආයතනය මේ වන විට පුහුණු බෝම්බ හදුනැගැනීමේ සුනඛයින් 30 දෙනෙකු යුද හමුදා මානුෂික බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයට පරිත්‍යාග කර ඇති අතර, ඇමරිකානු පුරවැසියන්, පාසල් සිසුන් සහ පුද්ගලික ආයතන මේ සදහා අනුග්‍රහය ලබා දේ.

එසේම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද මෙම සුනඛයින් පුහුණු කිරීම සදහා මාර්ෂල් ලෙජසි ආයතනයට සහයෝගය ලබාදෙයි.

24 වන දින පැවති උත්සවයේ ප්‍රධාන දේශණය හිටපු ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ආචාර්ය මෙඩලින් ඇල්බ්‍රයිට් සිදුකල අතර, ඇමරිකා එක්සත් ජනපද සබික මයික් එන්සි සහ මාර්ෂල් ලෙජසි ආයතනයේ පුරෝගාමි සභාපති විශ්‍රාමික ජෙනරාල් ගෝර්ඩන් ආර් සලිවන් ද සහභාගි වන ලදී.

2016 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් නවරත්න සහ බෝම්බ නිශ්ක්‍රීය සුනඛ ඇල්වින් හොදම බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ සම්මානය දිනා ගන්නා ලදී.

වර්ෂ 2020 දී ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීමට රජය අපේක්ෂා කරයි.

affiliate link trace | adidas NMD Human Race