Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2017 21:28:53 Hours

යුද්ධ හමුදාවේ දායකත්වය තක්සේරු කිරීමේ විශේෂ හමුවකට යුද්ධ හමුදාධිපති සහභාගී වේ

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ‘පිබිදෙන පොළොන්නරුව’ ව්‍යාපෘතියට විවිධාකාරයෙන් ලබාදුන් සහයෝගය සැලකිල්ලට ගනිමින් අද (27) දින පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති එම ව්‍යාපෘති ඇගයීම් හමුවකට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ද ආරාධනා කරන ලදි.

පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති භාරව කටයුතු කරන නිළධාරී රැසක්ද මෙම සාකච්ඡාවට සහභාගී විය.

යුද්ධ හමුදාව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකිරීමට දක්වන ලද ක්‍රියාකාරී සහයෝගය පිළිබඳව සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ සහ අනෙකුත් රජයේ නිළධාරීන් විශේෂ ඇගයීමට ලක්කළහ.

දැනට සිදුකෙරෙමින් පවතින දිස්ත්‍රික් සංවර්ධන කටයුතු නිමකිරීමට තවදුරටත් යුද්ධ හමුදා සහයෝගය ලබාදීමට යුද්ධ හමුදාධිපතිවරයා විසින් එම සුහද සාකච්ඡාවේදී පොරොන්දු විය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ අනුග්‍රහයෙන් ‘සියවසක දුර දකින පස් වසක දිගහැරුම’ නම්වූ පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘති තේමාව යටතේ මෙම ‘පිබිදෙන පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය මෑතකදී ආරම්භ කරන ලදි. මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සාමාන්‍ය වැසියන්ගේ ජීවන තත්වය ඉහළනැංවීමට අපේක්‍ෂා කරමින් මහා මාර්ගය ඇතුළු යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය, විදුලි හා තාක්‍ෂණික ක්‍ෂේත්‍ර, ආර්ථික සහ නිවාස ඇතුළු ඉදිකිරීම් ක්‍ෂේත්‍රවල සංවර්ධන කටයුතු ඉටුකෙරේ.

මෙම ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් පසුගියදා අතිගරු ජනාධිපතිතුමා විසින් අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තබන ලදි.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, ජ්‍යෙෂ්ඨ හමුදා සහ රජයේ නිලධාරීන්ද 27 වන දින පැවති මෙම සාකච්ඡාවට සහභාගීවන ලදි.

Nike Sneakers Store | Women's Nike Superrep