Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2017 07:16:19 Hours

ලෙබනන් ශ්‍රී ලංකා සාමසාධක බලඇණියට එක්සත් ජාතින්ගේ පදක්කම් හිමිගැන්වීම

ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා මුලස්ථානයේ සාමසාධක රාජකාරි සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් හට ඔවුන්ගේ සේවය අගයමින් එක්සත් ජාතින්ගේ පදක්කම් පිරිනැමීමේ උත්සවයක් සඳුදා (09) දින පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ලෙබනන් එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා ප්‍රධානි සහ බලකාධිපති මේජර් ජෙනරාල් මයිකල් බෙරි සහභාගි වු අතර, ලෙබනන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිණි එච්.එම්.ජි.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් මැතිණිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් මෙම 11 වැනි ශ්‍රී ලංකා සාමසාධක බලඇණියේ පදක්කම් ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, 11 වන එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා සාමසාධක බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සී.ඒ. රාජපක්ෂ විසින් හමුදා සම්ප්‍රදායානුකූලව උණුසම් අයුරින් පිලිගනු ලැබීය.

පදක්කම් ප්‍රදානෝත්සවය සඳහා පැමිණි ශ්‍රී ලංකා දුත පිරිස ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා මුලස්ථානයේ රාජකාරි හි නියුතු ශ්‍රී ලංකා භට පිරිස්හි උපකරණ, පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතාවයන් පිලිබඳව සොයා බලන ලදි.

ශ්‍රී ලංකා දුත පිරිසේ නායක මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, ලෙබනන් එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා ප්‍රධානි සහ බලකාධිපති මේජර් ජෙනරාල් මයිකල් බෙරි සිය කාර්යාලයේ දී හමුවු අතර, දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. ඉන්පසුව, සිය කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි සටහනක් තැබීමට ද මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු වෙත මේජර් ජෙනරාල් මයිකල් බෙරි ආරාධනා කළහ.

මානුෂික මෙහෙයුම් මත ලෝක සාමය වෙනුවෙන් සාමසාධක මෙහෙයුම්හි දායකත්වය සපයන භට පිරිස් වෙත අන්තර් ජාතිකව පිලිගත් මෙම එක්සත් ජාතින්ගේ සාමසාධක පදක්කම හිමිගන්වනු ලබයි.

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සිදු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් 10 ක් සහ සෙසුනිලයින් 140 දෙනෙකු වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සාමසාධක පදක්කම් පැලඳවීම සිදු කල අතර, මේජර් ජෙනරාල් මයිකල් බෙරි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස්හි දායකත්වය මෙහිදි පැසසුමට කලේය. සාමසාධක රාජකාරින් නිමකොට ශ්‍රී ලංකාව බලා පැමිණිමට නියමිත මෙම එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා සාමසාධක බලඅණිය වෙනුවට නව ශ්‍රී ලංකා බලඇණියක් නුඳුරේදි එම රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.

ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා මුලස්ථානයේ ආරක්ෂක සහ විශේෂ අමුත්තන් පිළිබඳ කටයුතු වල වගකිම දරණ අතර, නකොරා (Naquora) පිහිටි එම මුලස්ථානය වෙත දිවෙන සියලු මාර්ග පාලනය පිළිබඳ ආරක්ෂක කටයුතු ද ඉටු කරයි. 2010 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා බලඇණි 10 ක් පිටත් කර යවා ඇත.

යුද්ධ හමුදා මුලස්ථානයේ මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ප්‍රශාන්ත සෙනෙවිරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මධ්‍යම අවි සහ පතුරෝම් ගබඩාවේ සේනාවිධායක කර්නල් මංජුල විජේසිංහ, අනෙකුත් බලඇණිවල අණදෙන නිලධාරින් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද ලෙබනන් සාමසාධක රාජකාරි වෙනුවෙන් එක්සත් ජාතින්ගේ පදක්කම් පිරිනැමීමේ මෙම උත්සවය සඳහා සහභාගි විය.

best Running shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ