Header

Sri Lanka Army

Defender of the Nation

20th October 2017 20:21:40 Hours

දිපාවලි උත්සවය සැමරීම සඳහා 64 සහ 65 වන සේනාංක භට පිරිස්හි සහාය

සංහිඳියාව සහ සුහදත්වය ඇති කිරිමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651, 652 සහ 653 යන බලසේනාවන්හි භට පිරිස් විසින් බදාදා (18) දින තුනුක්කායි, අලන්කුලම් ප්‍රදේශයේ දිපාවලි උත්සවය සැමරීම සඳහා හින්දු බැතිමතුන් වෙත සහයෝගය දක්වන ලදි.

භට පිරිස් විසින් දිපවාලි උත්සවයට පෙරදින කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළ අතර, දිපවාලි දින පූජාවට පැමිණි පිරිස වෙත තේ පැන් සහ නිර්මාශ ආහාර ද පිරිනමනු ලැබීය.

එසේම, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංක භට පිරිස්, මුලතිව් ප්‍රදේශයේ හින්දු බැතිමතුන් සමඟ එක්ව ඔක්තෝබර් මස 13 සිට 18 දක්වා දිපාවලි උත්සවය සමරන ලදි.

64 වන සේනාංකයේ සේවයේ නියුතු සියලු නිලයින් හට සෙත්පතා ආශිර්වාද පූජාවක් එම සේනාංක භට පිරිස් හි සහභාගිත්වයෙන් සිකුරාදා (13) දින මුතියන්කට්ටු, පුල්ලයාර් කෝවිලේ දී පැවැත් වූ අතර, ‘මුරුතැන් පූජාව’ සැකසීමේ කටයුතු සඳහා ද භට පිරිස් සහායෝගය දැක්විය. තවද, සෙබලුන් 100 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් දිපාවලි උත්සවය වෙනුවෙන් අඟහරුවාදා (17) දින ඔඩ්ඩුසුඩාන් මංසන්දියෙහි පිහිටි සිවම් කෝවිල් භූමිය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ද පවත්වනු ලද අතර, බදාදා (18) දින ඔඩ්ඩුසුඩාන් මංසන්දියෙහි පිහිටි සිවම් කෝවිලේහි පැවති ආගමික වතාවත්වලට සහභාගි වූ සිවිල් ජනතාව වෙත බනිස් සහ සිසිල් පැන් සංග්‍රහයක් සිදු කළහ.

64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගේ උපදෙස් මත සිදු කළ මෙම ප්‍රජා සත්කාර සඳහා එම සේනාංකයේ නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ද සහභාගි වූහ.

spy offers | Air Jordan