Header

Sri Lanka Army

Defender of the Nation

20th October 2017 15:40:31 Hours

ආගමික සහජීවනය ඇතිකරලීම සඳහා 57 වන සේනාංකයේ සහයෝගය

57 වන සේනාංක මූලස්ථානය, කිලිනොච්චි කැරිටාස් සිඩෙක් රාජ්‍ය නොවන සංවිධානය (Caritas SEDEC Non-Governmental Organization in Kilinochchi ) සමඟ එක්ව ඔක්තෝබර් මස 12 සහ 13 යන දිනයන්හි දී කිලිනොච්චි ශාන්ත තේරේසා ආගමික මධ්‍යස්ථානයේ දී ‘ආගමික මිත්‍රත්ව කලාපීය සම්මන්ත්‍රණය’ සංවිධානය කරන ලදි.

සියලුම ආගම් අතර ආගමික සහයෝගය, සාමය හා සංහිඳියාව ඇති කිරිමේ අරමුණින් පැවති මෙම වැඩසටහන සඳහා සියලුම ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින් සහභාගි වූහ.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මඟපෙන්විමෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට ප්‍රථම, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ, 16 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 17 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් ශාන්ත තේරේසා ආගමික මධ්‍යස්ථානය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබු අතර, එසේම මෙම දෙදින වැඩසටහන සඳහා පැමිණි බෞද්ධ ස්වාමින් වහන්සේලා සඳහා දානය ද පිරිනමන ලදි.

සංවිධායක කමිටුවේ ආරාධනයෙන් යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූහ.

trace affiliate link | Nike