Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2017 19:53:48 Hours

භට පිරිස් හි මුලිකත්වයෙන් යාපනයේ ආබාධිත පුද්ගලයින් වෙත කෘත්‍රිම අත් පා බෙදාදෙයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාව විසින් මහනුවර, කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානයේ අනුග්‍රහය ඇතිව යාපනය ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් තවත් පිරිසක් වෙත කෘතිම අත් පා 26 ක් බෙදාදෙන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න ගේ මඟපෙන්විමෙන් පැවැත් වූ මෙම වැඩසටහනේ දී යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් 23 දෙනෙකු වෙත රුපියල් ලක්ෂ 08 ක වටිනාකමකින් යුත් කෘතිම පාද 25 ක් සහ එක් කෘතිම අතක් ප්‍රදානය කළ අතර, 55 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිනන් කර්නල් වසන්ත වෛද්‍යතිලක විසින් මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදු කරනු ලැබීය.

යාපනය, අයියකච්චි 552 වන බලසේනා මූලස්ථානයේ දී අඟහරුවාදා (17) දින පැවති මෙම කෘතිම අත් පා බෙදාදීමේ උත්සව අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, 552 වන බලසේනාවේ නිලධාරීන්, සිවිල් වැසියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගි වූහ.

Running sport media | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD