Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2017 15:44:12 Hours

‘අර්ථවත් ජිවිතයක්’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ සහ විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චරිත හා පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් දෙකක් ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනයන්හි දී පවත්වන ලදි.

බෝයගනේ, විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ පැවති වැඩසටහන සඳහා නිලධාරීන් 12 ක් සහ සෙසු නිලයින් 290 ක් ද, වව්නියාව, විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ පැවති වැඩසටහන සඳහා නිලධාරීන් 06 ක් සහ සෙසු නිලයින් 140 ක් ද සහභාගි වූහ.

විශේෂඥ මනෝ වෛද්‍ය කර්නල් රොෂාන් මොණරාගල, ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ලුතිනන් කර්නල් ඒ.ටි.සී. ආරියරත්න, වෛද්‍ය පුන්‍යා හියරාපිටිය ඇතුලු කොළඹ, යුද්ධ හමුදා රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍යවරුන් රැසකගේ දායකත්වයෙන් මෙම වැඩසටහන් මෙහෙය වන ලදි.

සියදිවි නසාගැනීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය, ක්ලමතය කළමනාකරණය කරගැනීම, ප්‍රිතීමත් යුග දිවියක් සහ ජිවන නිපුණතා වර්ධනය කරගැනීම යන මාතෘකා පිළිබඳව එහිදි සාකච්ඡා කරනු ලැබීය.

Nike air jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092