Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2017 19:17:39 Hours

පොලිතින් ආහාර දවටන වෙනුවට යුද්ධ හමුදා කෘෂිකාර්මික පර්යේෂණ වෙතින් තම්බන ලද කෙසෙල් පත්‍ර

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබු ‘Sri Lanka Next’ පාරිසරික ප්‍රදර්ශනය ‘නීල හරිත යුගයක්’ තේමා කරගනිමින් ඔක්තෝබර් මස 16 සහ 17 යන දිනයන්හි දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වූ අතර, එහිදි යුද්ධ හමුදාව විසින් පොලිතින් භාවිතය වෙනුවට ආදේශකයක් ලෙස ඉදිරිපත් කරන ලද පරිසර හිතකාමිව කෙසෙල් කොළ භාවිතය පිළිබඳව නරඹන්නන්ගේ මහත් අවධානයට යොමු විය.

බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්නගේ අණදීම යටතේ වන යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්ලාස්ටික් හෝ පොලිතින් ආහාර දවටන වෙනුවට විකල්පයක් ලෙස කෙසෙල් පත්‍ර යොදා ගනිමින් ජීව ආහාර දවටන නිපදවීම ප්‍රායෝගිකව සිදුකර පෙන්විමට ද එහිදි කටයුතු කරන ලදි. මෙම ජීව ආහාර දවටන උණුසුම් වතුරේ තම්බා ගත් විට මාස තුනකට වැඩි කාලයක් නැවත නැවතත් භාවිතා කළ හැකි බව යුද්ධ හමුදා පර්යේෂකයින් පෙන්වාදෙයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා කඳවුරු තුල වගාකල හැකි සියළුම ඉඩම්හි කෙසෙල් වගාව ව්‍යාප්ත කොට ඉදිරියේදී මහජනතාව වෙත භාවිතා කිරීම සඳහා තම්බන ලද කෙසෙල් කොළ ලබාදෙමින් විවිධ ස්ථානවල වැඩසටහන් පැවැත්වීමටද යුද්ධ හමුදාව බලාපොරොත්තු වේ.

යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කළ මෙම ප්‍රදර්ශන කුටියට අතිගරු ජනාධිපතිතුමාගේ ද අවධානය හා ප්‍රශංසාව හිමි වූ අතර, වේවැල් උපයෝගි කරගනිමින් යුද්ධ හමුදාව විසින් නිර්මාණය කළ විසිතුරු පෙට්ටියක් ද අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික භාවිතය සඳහා එහිදි එතුමන් විසින් මිළ දී ගත්හ.

bridge media | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret