Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2017 15:23:49 Hours

ආදී ආනන්දයින් (1975-1980) පාසල් අඩුපාඩු සොයාබලා

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ආනන්දයින් (1975-1980 කණ්ඩායම) පිරිසක් ත්‍රිකුණාමලය, කල්ලාර් සෝමපුර මහා විද්‍යාලයේ අඩුපාඩු සොයාබලා සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක්, පුස්තකාලයක් සහ බුදු මැදුරක් ඉදිකර දුන් අතර, සංගීත භාණ්ඩ, පාසල් උපකරණ, පුස්තකාල පොත්, අභ්‍යාස පොත් සහ වෙනත් උපකරණ විශාල තොගයක් ද පසුගිය දා පරිත්‍යාග කරන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 සේනාංකයට අයත් 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් දියත් කරන ලද මෙම පාසල් සංවර්ධන ව්‍යාපෘතියට එවකට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් රාජකරීන් ඉටු කළ වර්තමාන යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුලු ආදි ආනන්දිය කණ්ඩායම රුපියල් ලක්ෂ 7 ක පරිත්‍යාගයක් සිදු කර තිබුණි.

මෙම නව ඉදිකිරිම් විවෘත කිරීම සහ පාසල් සිසුන්ට පාසල් උපකරණ ප්‍රදානය කිරීම ඔක්තෝබර් 08 වන දින 221 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමිත් ප්‍රේමලාල් සහ මූල්‍ය දායකත්වය සැපයූ ආදි ආනන්දිය කණ්ඩායමේ නියෝජිතයින් සහභාගීත්වයෙන් පැවති කෙටි උත්සවයක දී සිදුවිය.

සෝමපුර මහා විද්‍යාලයේ විදුහල්පති විසින් මෙම පාසල් අඩුපාඩු 222 වන බලසේනාධිපති කර්නල් දීපාල් පුස්සැල්ල ගේ අවධානයට යොමු කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධ හමුදාධිපති විසින් ආධාර පිණිස ආදි ආනන්දිය කණ්ඩායමේ කාරුණික අවධානයට යොමු කර තිබුණි.

මහාසංඝයා සහභාගීත්වයෙන් පැවති කෙටි උත්සවයකින් මෙම උත්සවය ආරම්භ වූ අතර, ආදි ආනන්දයින්, 221 සහ 222 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විද්‍යාලයේ ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් ද මෙදින වැඩසටහන සඳහා සහභාගි විය.

Nike shoes | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys