Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2017 12:10:45 Hours

යුද්ධ හමුදා නව නිපැයුම් ටෙක්නෝ ශ්‍රී ලංකා 2017 හි ප්‍රදර්ශනයට

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘ටෙක්නෝ ශ්‍රී ලංකා 2017’ දැවැන්ත ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ පාබල පුහුණු මධ්‍යස්ථානය හි නිර්මාණාත්මක හැකියාවන් සහිත සෙබලුන් සිය කුසලතාවයන් එළිදක්වන ලදි.

යුද්ධ හමුදා සෙබලුන් විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් 08 මෙම දැවැන්ත ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරමින් යුද්ධ හමුදාව සිය දායකත්වය ලබාදෙනු ලැබීය. නිර්මාණශීලි නිෂ්පාදන, අවි ආයුධ, යන්ත්‍රෝපකරණ, සන්නිවේදන උපකරණ වැනි දෑ ඉදිරිපත් කර තිබූ එම ප්‍රදර්ශන කුටි සඳහා නරඹන්නන්ගේ විශේෂ අවධානයක් යොමු විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල මෑතක දී ස්ථාපනය කරන ලද පර්යේෂණ, විශ්ලේෂණ, යෝජනා හා සංවර්ධන ශාඛාව, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණාත්මක කුසලතාවන් සහ නව්‍ය හැකියාවන් වර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් ශාඛාවේ සහ පිරිස් පාලන අධ්‍යක්ෂ ජෙනරාල් ශාඛාවේ සම්බන්ධිකරණයෙන් මෙම ප්‍රදර්ශනය සඳහා හමුදා නිර්මාණ ඉදිරිපත් කරන ලදි.

‘ටෙක්නෝ ශ්‍රී ලංකා 2017’, ජාතික ඉංජිනේරු හා තාක්ෂණ ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් පවත්වනු ලබන ප්‍රධානතම අංගයක් වන අතර, සිකුරාදා (13) සිට ඉරිදා (15) දක්වා එම ප්‍රදර්ශනය පැවැත්විය.

Sports brands | NIKE HOMME