Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2017 16:00:30 Hours

පෙර පාසල් ළමුන්ට පලාලි ගුවන් තොටුපල නැරඹිමට අවස්ථාවක්

යාපනය අර්ධද්වීපයේ පෙර පාසල්වල සහ රජයේ පාසල්වල ළමුන් වැඩි පිරිසක් ඔවුන්ගේ අධ්යා පන චාරිකාවන් සඳහා පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට දැඩි කැමැත්තක් දක්වති.

ඒ අනුව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව සිකුරාදා (13) දින මාලිදිතුරෙයි ධීවර සමූපකාර පෙර පාසලේ ළමුන් 26 දෙනෙකු වෙත පලාලි ගුවන් තොටුපල නැරඹිම සඳහා අවස්ථාව හිමිවිය.

මාලිදිතුරෙයි ධීවර සමූපකාර පෙර පාසලේ ලේකම් රාජේන්ද්රත ප්රාසන්ත මහතා ගේ ඉල්ලීමට අනුව පලාලි ශ්රීූ ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදු කරනු ලැබීය.

පෙර පාසල් ළමුන් 26 ක්, ගුරුවරුන් දෙදෙනෙක් සහ දෙමාපියන් 30 දෙනෙකු ද මෙම සංචාරය සඳහා එක්ව සිටි අතර, භට පිරිස් විසින් ඔවුන් වෙත කෙටි ආහාරවේලකින් සංග්රයහ කරන ලදි.

trace affiliate link | Gifts for Runners