Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2017 15:50:33 Hours

66 වන සේනාංකය වෙතින් පාසල් ළමුන් වෙත පොත් බෙදාදීමක්

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දැක් වූ රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ එහි පුස්තකාල කාර්ය මණ්ඩලය, පුනරීන් ප්‍රදේශයේ පාසල් ළමුන් සහ හමුදා සාමාජිකයන් අතර කියවිමේ පිපාසය සංසිඳවීම සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් 661 බලසේනා පුස්තකාලය වෙත පොත් තොගයක් පරිත්‍යාග කරන ලදි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලියන ලදමෙම පොත් අදාළ පාසල් බලධාරීන් සමඟ සම්බන්ධිකරණයෙන් පාසල් පුස්තකාල වෙත බෙදාදෙනු අතර, මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සහ එම විශ්වවිද්‍යාලයේ උප කුලපති නියෝජනය කරමින් ආචාර්ය කේ. ඉලංගරත්න මහතා විසින් සිකුරාදා (13) දින උදෑසන 661 බලසේනා සම්මන්ත්‍රණ ශාලාවේ දී සංකේතාත්මකව එම පොත් ලබාදීම සිදු කළහ.

යුද්ධ හමුදා නිලධාරීන්, අදාළ පාසල්වල ගුරුවරුන් සහ ළමුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sportswear free shipping | Marki