16th October 2017 15:46:58 Hours
68 වනයුද්ධ හමුදා දිනයට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් අඟහරුවාදා (10) දින විශේෂ ලේ දන්දිමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න ගේ මඟපෙන්වීම යටතේ 552 වන බලසේනාවට අයත් 23 වන ගැමුණු හේවා බලඇණි මුලස්ථානයේ දී පැවති මෙම වැඩසටහනේ දී යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට වැඩි පිරිසක් ලේ පරිත්‍යාග කළහ.
552 වන බලසේනාවේ බලසේනාධිපති, අනෙකුත් නිලධාරින්, යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය ටී. කලයිසෙල්වම් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය ද මෙම ප්‍රජා සත්කාර ව්‍යපෘතිය සඳහා සහායෝගය දැක්විය.
Sports Shoes | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf