Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2017 15:43:44 Hours

22 සේනාංකයේ භට පිරිස් ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කරයි

22 වන සේනාංකයේ භට පිරිස් සෙනසුරාදා (07) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව ත්‍රිකුණාමලය රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පාලිකාව විසින් 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම ශ්‍රමදාන වැඩසටහනේ දී භට පිරිස්, අනෙකුත් සාමාජිකයින් සමඟ එක්ව ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය තුල මදුරුවන් බෝවන ස්ථාන මෙන්ම ඒ අවට ද පිරිසිදු කරදෙන ලදී.

Best Nike Sneakers | Air Jordan