Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2017 15:52:28 Hours

යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් මධ්‍යම ආරක්ෂක සේනා භට පිරිස් රුක් රෝපණ වැඩසටහනක

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්විම යටතේ දියතලාව පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ ස්වේච්ඡා පුහුණු පාසලේ සේවයේ නියුතු සෙබලුන් 250 කට වැඩි පිරිසක් එක්ව අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා සංවත්සරය සමරන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් එම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ ස්වේච්ඡා පුහුණු පාසලේ සේනාවිධායක විසින් ධජ ඔසවමින් එදින වැඩසටහන ආරම්භ කළ අතර, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ යුද්ධ හමුදාධිපතිගේ පණිවිඩය කියවිම ද එහිදි සිදු කළහ.

අනතුරුව විශේෂ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරමින් දියතලාව පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පරිශ්‍රයේ කොස්, කොහොඹ, මහෝගනි සහ කුඹුක් වැනි වටිනා පැළ 135 ක් සිටවන ලදි. තවද ඊට පෙර දින (09) පස්වරුවේ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ යුද්ධ හමුදාවට සෙත් පතා බෝධි පූජා පිංකමක් ද පැවැත්විය.

Best Authentic Sneakers | Air Jordan Release Dates Calendar