16th October 2017 08:08:45 Hours
23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ඩබ්.එස්.ඩි.බි පනන්වල ගේ උපදෙස් මත එම සේනාංකය සහ ඒ යටතේ වන බලසේනා, 68 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
ඒ අනුව, 23 වන සේනාංක භට පිරිස් සිය මුල්‍යමය දායකත්වයෙන් කතිරවේලි, තිලහාවදියාර් කාන්තා ළමා නිවාසයේ ළමුන් වෙනුවෙන් පොත් රාක්කයක් සහ ලිපි ද්‍රව්‍ය තොගයක් ද පරිත්‍යාග කොට එදින දිවා ආහාරය ද පිරිනමන ලදි.
මේ අතර, 23 වන සේනාංකය යටතේ වන 231 බලසේනාවේ භට පිරිස් විසින් ලේ දන්දිමේ වැඩසටහනක් සහ විපුලානන්ද වැඩිහිටි නිවාසය සුද්ධ පවිත්‍ර කොට එහි නේවාසික වැඩිහිටියන් සඳහා දිවා භෝජනය ද ලබාදෙන ලදි.
එසේම, 232 බලසේනා භට පිරිස් ද යුද්ධ හමුදා දිනය වෙනුවෙන් කුවාවඩි වැඩිහිටි නිවාස පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක් පවත්වා එම වැඩිහිටියන් වෙනුවෙන්තේපැන් සංග්‍රහයක් ලබාදෙන ලදී.
233 වන බලසේනාවේ භට පිරිස් විසින් ද ලේ දන්දිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඉන් අනතුරුව, සියලුම නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් බෝධි පූජා පිංකමක් ද පවත්වන ලදී.
Nike air jordan Sneakers | Nike Shoes, Sneakers & Accessories