15th October 2017 15:26:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ඨ පාබල සටන් රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුව සෙනසුරාදා (14) දින සිය 34 වන සංවත්සර දිනය අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ දී ඉතා අභිමානවත් ලෙස සමරනු ලැබීය.
ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු මෙම සමරු උළෙලට ගජබා රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වු අතර, සංවත්සර උත්සවයේ දී රට වෙනුවෙනු දිවිපිදු ගජබා රෙජිමේන්තු විරුවන් එහිදි අභිමානවත්ව සිහිකරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ගෞරවාන්විත ස්තුතිය පුදකිරීම ප්‍රධාන අරමුණ විය.
සංවත්සර උත්සව මාලාවේ ප්‍රථම වැඩසටහන සිකුරාදා (13) දින ආරම්භ වුණු අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පිරිස් විසින් උණුසුම් අයුරින් පිලිගන්නා ලදි.
ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉතා කලාත්මකව නිර්මාණය කර ඇති ගජබා රෙජිමේන්තු රණවිරු ස්මාරකය පාමුල දිවිපිදු රණවිරුවන්ට ගෞරවය දක්වන ලදි. දිවිපිදු රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා අනතුරුව, සර්ව ආගමික වතාවත් සිදුකර රණවිරුවන්ට පිං පමුණවන ලදි.
එහි පැමිණ සිටි දිවිපිදු ගජබා රණවිරුවන් ගේ ලඟම ඥාතින් 238 දෙනෙකු ද මෙම අවස්ථාවේදි හඟිම්බරව එම විරුවන් ගෞරවයෙන් සිහිපත් කළහ. හිරු නැගෙන මොහොතේදිත් හිරු බැසයන මොහොතේදිත් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වෑයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬත් අනතුරුව, ජාතික ගිය ගායනයත් සමඟ රණවිරු සැමරුම් උත්සවයේ කටයුතු අවසන් විය.
සැමරුම් උත්සව මාලාවේ දෙවෙනි අදියර සෙනසුරාදා (14) දින පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් මෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ ඒකක 24 ක් නියෝජනය කරමින් නිලධාරින් 28 සහ සෙසුනිලයින් 746 ක් සහභාගිත්වයෙන් සම්මාන ආචාර පෙලපාලියක් පිරිනමනු ලැබීය.
ගජබා රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් සෙනසුරාදා දින සංවත්සර උත්සව කටයුතු අවසන් වු අතර, එම අවස්ථාවට දෙමාපියන්, භාර්යාවන්, නෑදෑයන්, ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි විය.
1983 ඔක්තෝම්බර් මස 14 දින ලුතිනන් කර්නල් විජය විමලරත්නගේ නායකත්වයෙන් 1 වන රජරට රයිෆල් බලඇණිය සහ විජයබාහු පාබල රෙජිමේන්තුව එකතු කොට ගජබා රෙජිමේන්තුව පිහිටුවන ලදී.
Authentic Nike Sneakers | New Balance 991 Footwear