14th October 2017 20:42:06 Hours
යාන්ත්‍රික පාබල හමුදා තාක්ෂණික පුහුණුව සහ සංවර්ධන කටයුතු ඉටු කිරීම සඳහා මෑනික්ෆාම් හී පිහිටි යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ආකෘති ගොඩනැගිලි (Model Rooms) දෙකක් පසුගියදා කෙටි උත්සවයකින් විවෘත කරනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සහභාගි වු අතර, යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයට සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන්ව යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.එම්.එස්. හේරත්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්.එම්.යු හේරත් සහ යන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලුතිනන් කර්නල් ජි.පි.පි. කුලතිලක විසින් උණුසුම් අයුරින් පිලිගත්හ.
පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් ජි.පි.පි. කුලතිලක ගේ ආරාධනයෙන් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් විසින් සංකේතාත්මකව පීත්ත පටිය කපා නව ආකෘති (Model Rooms) ගොඩනැගිලි සංකීර්ණයන් විවෘත කරන ලදී.
අභිනවයෙන් විවෘත කරන ලද මෝටර් යාන්ත්‍රික ආකෘති ගොඩනැගිල්ලේ හමුදා වර්ගි කරණයන්ට අනුව ‘ඒ’ සහ ‘බී’ කණ්ඩයේ වාහන ලෙස වර්ග කෙරෙන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් යුද්ධ භුමියට භට පිරිස් ප්‍රවාහනය කරන සන්නාහ සන්නද්ධ ප්‍රවාහන රථ සහ ආධාරක රථ වලට අදාල එන්ජින් සහ මෝටර් යාන්ත්‍රික ක්‍රියාකාරි පද්ධති, පණිවිඩ හුවමාරු පද්ධති, අවි සහ මෝටර් යාන්ත්‍රික උපාංග පුහුණු සහ සංවර්ධන කටයුතු සඳහා යොදාගත හැකිවන පරිදි සකස්කර ඇති ආකෘති නිරික්ෂණය කිරීම සඳහා රෙජිමේන්තු අධිපති හට ආරාධනා කරන ලදි.
මෙම ව්‍යාපෘතියට අනුග්‍රහකත්වය සහ දායකත්වය සැපයු භට පිරිස් සහ පුද්ගලයන් වෙනුවෙන් ප්‍රසාද සමරුඵලක පිරිනැමීමක් ද මෙහිදි සිදුවිය.
latest Running Sneakers | シューズ