Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2017 14:47:58 Hours

ඔඩ්ඩුසුඩාන් රෝහල පිරිසිදු කිරීමට 64 වන සේනාංකයේ භට පිරිස්හි සහාය

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් ඔඩ්ඩුසුඩාන් රජයේ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් සිකුරාදා (06) දින පවත්වනු ලැබීය.

641, 642 සහ 643 වන බලසේනාවන්හි සේවයේ නියුතු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 75 ක් මෙසේ ඔඩ්ඩුසුඩාන් රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙකු හා එක්ව ශ්‍රමදාන වැඩසටහන දියත් කරමින් පැය 4 ක පමණ කාලයක් තුල රෝහල් පරිශ්‍රයේ පිරිසිදු කිරීම් කටයුතු ඉටු කරදුන්හ.

64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, රෝහල් බලධාරින් සමඟ සමීප සම්බන්ධතාවයෙන් මෙම ප්‍රජා සත්කාරය ක්‍රියාත්මක කරන ලදි.

Nike Sneakers Store | Nike Shoes