Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2017 14:38:40 Hours

52 සේනාංකයේ භට පිරිස් වෙතින් යාපනයේ පාසැල් සිසුන්ට පරිත්‍යාග

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භට පිරිස් විසින් යාපනය ප්‍රදේශයේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී.

ඒ අනුව පුතුර් හී (Puttur) මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් රුපියල් 100,000/= ක වටිනාකමින් යුත් පාසල් බෑග්, සපත්තු යුගල් සහ මේස් යුගල් තොගයක් පාසැල් සිසුන්ට පරිත්‍යාග කිරීම සිකුරාදා (06) දින සිදු විය.

68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව 52 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ අධික්ෂණය යටතේ සිදු කරන ලද මෙම වැඩසටහනේ දී විදුහල් ගුරුවරුන්ට ද පාවහන් පරිත්‍යාග කරන ලදි.

මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින් සමත් වු සිසුන් 3 දෙනෙකු ද මෙහිදි ඇගයීමට ලක් කළහ.

bridge media | Nike Shoes, Sneakers & Accessories