Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2017 19:33:10 Hours

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් කරන ලද සැමරුම්

ත්‍රිකුණාමලයේ කයන්කර්නි වෙරළේදී ඔක්තෝබර් 01 වන දින ලෝක ළමා දිනයට සමගාමීව වැලිකන්ද ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 75 දෙනෙකු සඳහා ලෝක ළමා දින සැමරුම් උළෙලක් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහන සදහා සහභාගි වු ළමුන් වෙත විවිධ විනෝදාත්මක වැඩසටහන් සංවිධානය කර තිබු අතර, නැගෙනහිර ආරක්ෂක හමුදා මූලස්ථානය විසින් රසවත් දිවා ආහාර වේලක් ද ලබා දෙන ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ගුරුවරුන් 5 දෙනෙක් සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් ද මෙම ලෝක ළමා දින සැමරුම සඳහා සහභාගි වූහ.

Nike air jordan Sneakers | jordan Release Dates