Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2017 19:31:52 Hours

ආරක්ෂක සේවා සාමාජිකයින් වෙනුවෙන් කඳුබෝඩ තවත් භාවනා වැඩසටහනක්

සක්‍රීය සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සුවය සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කොට ඇති භාවනා වැඩසටහන් පෙලෙහී තවත් එක් වැඩසටහනක් කඳුබෝඩ බවුන්සෙත් සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී සිකුරාදා (29) දින පවත්වන ලදි.

යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇතුළුව නිලධාරින් 5 ක් සහ සෙසුනිලයින් 70 ක් මෙම භාවනා වැඩසටහන සඳහා සහභාගි වු අතර, එක් කාන්තා නිලධාරිනියක් සහ නාවික හමුදා සෙබළුන් 19 ක් ද සහභාගි වුහ.

මෙම වැඩසටහන එම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය.

මේ අතර, කඳුබෝඩ බවුන්සෙත් සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී තවත් භාවනා වැඩසටහනක් බදාදා (04) දින සංවිධානය කර තිබුණි.

එදින පැවති භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු නිලධාරියකු සහ සෙසුනිලයින් 15 දෙනෙකු ඇතුළුව නිලධාරින් 5 දෙනෙකු සහ සෙසුනිලයින් 83 දෙනෙකු සහභාගි වුහ.

Best jordan Sneakers | Air Jordan