Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2017 16:54:40 Hours

යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් සම්මාන මුර රාජකාරි නාවික හමුදා භටපිරිස් වෙත භාරදෙයි

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් නාවික හමුදා භට පිරිස් වෙත උත්සවාකාරයෙන් භාරදීම ඉරිදා (01) දින උදෑසන ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී සිදුකරන ලදි.

යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් විසින් පුරා මාස 6 ක කාලයක් ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරින් ඉටුකිරීමෙන් අනතුරුව මෙසේ නිල වශයෙන් උත්සවාකාරයෙන් හමුදා රාජකාරි නාවික හමුදාව වෙත භාරදෙන ලදී.

සංකේතාත්මකව ලේඛණයන්ට අත්සන් තබමින් රාජකාරින් භාරදෙනු ලැබූ අතර, එහිදී යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් සහ නාවික හමුදා භටපිරිස් සුබපැතුම්ද හුවමාරු කරගනු ලැබීය.

Asics footwear | Nike Air Max