30th September 2017 14:53:31 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කැරම් කමිටුව විසින් සංවිධානය කරනු ලැබු ‘අන්තර් රෙජිමේන්තු කැරම් තරඟාවලිය - 2017’ සැප්තැම්බර් මස 27 සිට 29 දින දක්වා පනාගොඩ පිහිටි යුද්ධ හමුදා සංඥා බලකා ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
තරඟාවලිය සඳහා රෙජිමේන්තු 15 ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කැරම් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රංජිත් ධර්මසිරි ගේ ආරාධනයෙන් සිකුරාදා (29) දින පැවති අවසන් මහා තරඟයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ශාන්ත ලියනගේ සහභාගි විය.
තරඟාවලියේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව හිමි කරගත් අතර, පිළිවලින් දෙවන සහ තුන්වන ස්ථාන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට සහ විජයබාහු පාබල රෙජිමේන්තුවට හිමිවිය.
කාන්තා අංශයේ සමස්ථ ශුරතාවය 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය හිමි කරගත් අතර, පිළිවලින් දෙවන සහ තුන්වන ස්ථාන 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට හිමිවිය.
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස 17 වන ( ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එම්.ජේ.ඩී. රේජිනේල්ඩ් සම්මාන ලැබු අතර, කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ ඊ.පී.එන්.එම්. ගුණදාස සම්මාන ලැබුහ.
21 වන සිංහ රෙජිමේන්තුවේ මේජර් ඩී. සී.එස්.කේ. අතුකෝරළ ප්‍රවීණයන්ගේ අංශයේ ශුරතාවය හිමි කරගත්හ.
මෙහිදි, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය.
Running Sneakers | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys