Header

Sri Lanka Army

Defender of the Nation

30th September 2017 14:52:47 Hours

ජාතික ඔරු පැදිමේ තරඟාවලිය - 2017 හී ශුරතාවය යුද්ධ හමුදා ඔරු පැදිමේ ක්‍රීඩකයින්ට

ශ්‍රී ලංකා ජාතික ඔරු පැදිමේ සංගමය විසින් සංවිධානය කරනු ලැබු 32 වන ජාතික ඔරු පැදිමේ තරඟාවලිය - 2017 සැප්තැම්බර් මස 21 සිට 23 දින දක්වා දියවන්නාව ඔය හිදී පවත්වනු ලැබීය.

ජාතික ඔරු පැදිමේ තරඟාවලියට කණ්ඩායම් 20 ක් සහභාගි වු අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදිමේ කමිටුව නියෝජනය කරමින් පිරිමි කණ්ඩායමක් සහ කාන්තා කණ්ඩායමක් තරඟාවලියට සහභාගි විය.

වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරඟාවලියේ දී 6 වැනි වරටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කණ්ඩායම් ශුරතාවය හිමි කරගැනීමට සමත් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ද පිරිනැමීම සඳහා එක්ව සිටියහ.

ඔරු පැදිමේ තරඟාවලියේ යුද්ධ හමුදා ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;

විවෘත පැරා ඉසව්වේ සහ විවෘත Double Scull ඉසව්වේ පළමු ස්ථානය - ලුතිතන් එම්.බී.සී.එච්. ලියනගේ, 4 වන සන්නද්ධ බුද්ධි බලකාය.

විවෘත පැරා ඉසව්වේ සහ විවෘත Coxless Four ඉසව්වේ පළමු ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඊ.පී.එන්. ප්‍රසාද්, 3 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය.

විවෘත පැරා ඉසව්වේ පළමු ස්ථානය සහ විවෘත Double Scull ඉසව්වේ දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් පී.පී.ටි.එස්. වීරසිංහ, ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය.

විවෘත Double Scull ඉසව්වේ පළමු ස්ථානය සහ විවෘත පැරා ඉසව්වේ දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එම්.එම්.ජේ.ඩබ්ලිව්. මාරසිංහ, 1 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය.

විවෘත පැරා ඉසව්වේ තුන්වන ස්ථානය සහ Coxless Four ඉසව්වේ දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල පී.ජි.සී.එස්. කරුණාරත්න, 3 වන සන්නද්ධ බුද්ධි බලකාය.

විවෘත පැරා ඉසව්වේ දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එස්.ජි.එස්.කේ. වීරකෝන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය.

Coxless Four ඉසව්වේ දෙවන ස්ථානය සහ පැරා ඉසව්වේ දෙවන ස්ථානය (18 ට වැඩි) - සාමාන්‍ය සෙබළ චින්තක කුමාර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය.

Coxless Four ඉසව්වේ දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබළ එම්.පී.එම්. මෙඩොන්සා, සන්නද්ධ බුද්ධි බලකාය.

විවෘත Scull ඉසව්වේ තුන්වන ස්ථානය සහ (18 ට වැඩි) Scull ඉසව්වේ දෙවන ස්ථානය - කපිතන් එස්.ඒ. විවේකානන්ද, සන්නද්ධ බුද්ධි බලකාය.

Double Scull ඉසව්වේ තුන්වන ස්ථානය සහ Coxed Four ඉසව්වේ දෙවන ස්ථානය (18 ට වැඩි) –කපිතන් ඒ.එම්.එම්.එම්.එම්.අලගියවන්න, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව.

Double Scull ඉසව්වේ (18 ට වැඩි) තුන්වන ස්ථානය - සාමාන්‍ය සෙබළ යු.යු.ආර්. උඩවත්ත, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය.

Double Scull ඉසව්වේ (18 ට වැඩි) තුන්වන ස්ථානය - සාමාන්‍ය සෙබළ ආර්.ටී.එස්. කරුණාරත්න, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව.

පැරා ඉසව්වේ (18 ට වැඩි) දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබළ ඊ.පී.එන්. ප්‍රියසාද්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය.

Coxed Four ඉසව්වේ (18 ට වැඩි) දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබළ කේ.පී.සී. පුෂ්පකුමාර, 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය.

Coxed Four ඉසව්වේ (18 ට වැඩි) දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබළ ඊ.එම්.එන්.එස්. සාගර, 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය.

Coxed Four ඉසව්වේ (18 ට වැඩි) දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබළ කේ.පී.සී. පුෂ්පකුමාර, 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය.

Double Scull ඉසව්වේ (18 ට වැඩි) දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබළ එස්.එස්.ඒ. සුරසේන, 6 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය.

Double Scull ඉසව්වේ දෙවන ස්ථානය - කාන්තා සෙබළ එස්.ඒ.එන්. මධුභාෂිණි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය.

විවෘත Double Scull ඉසව්වේ තුන්වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.ඩී.පී.කේ. බණ්ඩාර, 4 වන යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය.

විවෘත පැරා ඉසව්වේ තුන්වන ස්ථානය - සාමාන්‍ය සෙබළ ටී.එච්.බී.එල්. ප්‍රනාන්දු, 20 වන ගජබා රෙජිමේන්තුව.

විවෘත පැරා ඉසව්වේ තුන්වන ස්ථානය - සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ඒ.ජි.පී. පුෂ්ප කුමාර, 24 වන ගජබා රෙජිමේන්තුව.

url clone | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp