Header

Sri Lanka Army

Defender of the Nation

30th September 2017 14:55:52 Hours

කිලිනොච්චියේ දෙමළ භාෂා පාඨමාලාව හැදැරුවන් සඳහා සහතිකපත් ප්‍රදානය කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද දෙමළ භාෂා ප්‍රවීණතා පාඨමාලාව සඳහා සහභාගිවුවන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානෝත්සවය බදාදා (27) දින කිලිනොච්චියේ නෙළුම්පියසේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ යෝජනාවක් මත දෙමළ භාෂා පාඨමාලා දින 30 ක් ආවරණය වන පරිදි අදියර තුනක් යටතේ පවත්වනු ලැබීය. පසුගිය මාස 6 ක කාලය තුළ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද හමුදා සමාජිකයින් 2373 දෙනෙකු පමණ මෙම පාඨමාලාව තුලින් මූලික දමිළ භාෂා කතා කිරිමේ හැකියාව සහ සන්නිවේදන කුසලතාවය ලබා ගන්නා ලදි.

බදාදා (27) දින පැවැති සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගිවු අතර, උත්සවය අතරතුර පාඨමාලාව හැදෑරූ අය සඳහා ප්‍රවීණතා සහතික ලබා දුන්හ.

සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ස්වාමින් වහන්සේලා, හින්දු සහ ඉස්ලාමීය පූජකවරුන්, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. අරුමිනායගම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, ප්‍රදේශයේ විදුහල්පතිවරුන්, බලසේනාධිපතිවරු, සේනාංකාධිපතිවරුන්, අණදෙන නිළධාරීන් සහ සිවිල් වැසියන් සහභාගී වූහ.

Best Authentic Sneakers | Nike Air Max 270