Header

Sri Lanka Army

Defender of the Nation

28th September 2017 22:51:15 Hours

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කටයුතු පිළිබඳව යුද්ධ හමුදා නිලධාරින් සහ සෙබළුන් දැනුවත් කරයි.

යුද්ධ හමුදා මූලස්ථානයේ නිතිසේවා අධ්‍යක්ෂ මණ්ඩලය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ සම්බන්ධීකාරක කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ යුද්ධ හමුදා සමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (28) උදෑසන නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම වැඩසටහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මහජන සම්බන්ධීකරණ කාර්යාලය මගින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යුද්ධ හමුදා නිතිසේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එඩ්වඩ් ජයසිංහට ලබා දුන් උපදෙස් අනුව මෙම දැනුවත් කිරිමේ වැඩසටහන පවත්වන ලදි.

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් දියත් කරන ලද මෙම මහජන මෙහෙවරෙහි අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ පොදු මහජනතාව, සිවිල් සමාජය, රාජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින්, පාසල් ළමුන්, තරුණයින් සහ වෙනත් පාර්ශ්වයන් දැනුවත් කිරීමයි.

ඵලදායි සහ සවිස්තරාත්මක මහජන දැනුවත් කිරීමේ වැඩ සටහනක් ලෙස මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජිත කමිටුවේ ලේකම් වින්ස්ටන් පතිරාජ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජිත කමිටුවේ සභාපති ලාල් විජේනායක යන මහත්වරුන් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.

මෙම වැඩසටහන හරහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරිම පිළිබඳ ඉහල අවබෝධයක් ලබා දීම සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධව කතිකාව කෙරෙහි මහජනතාව දැනුවත් කිරීම සහ උනන්දුව ජනිත කරවීම සඳහා මෙම වැඩමුළුව අවසානයේ දී ප්‍රශ්න හා පිළිතුරු සැසිවාරයක් ද ඇතුළත් විය.

ප්‍රශ්න හා පිළිතුරු සැසිවාරයෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම, අවබෝධය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළ ඵලදායී සංවාදයන් හා මහජනතාවගේ අවශ්‍යතාවයන් හා අභිලාෂයන් සකස් කිරීමේ ප්‍රතිථලදායක කථීකාවක් හා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ පොදු මහජන අභිලාශයන් ඉටුකෙරිණි.

මේ සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 80 දෙනෙකු, සෙසු නිලයන් 100 දෙනෙකු සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් 25 දෙනෙකු ද සහභාගි විය.

Authentic Sneakers | UK Trainer News & Releases