Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2017 14:06:46 Hours

යුද හමුදා මුෂ්ටි ප්‍රහාරකයින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තෝරා ගැනීම් තරගවලදී දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ආධුණික මුෂ්ටි ප්‍රහාරක සංගමය මගින් කොළඹ 7 රාජකීය විද්‍යාලයේ මාස් ඇරීනා (MAS Arena) හීදී සැප්තැම්බර් මස 16 - 17 දිනයන්හිදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය මුෂ්ටි ප්‍රහාරක ශූරතාවලිය 2018 හී තෝරාගැනීමේ තරග වටයන්හී යුද හමුදා මුෂ්ටි ප්‍රහාරකයින් දස්කම් දක්වා ඇත.

දිවයින පුරා මුෂ්ටි ප්‍රහාරක සංගම් (Boxing Club) 12 ක් නියෝජනය කරමින් මුෂ්ටි ප්‍රහාරක තරගකරුවන් 80 දෙනෙකු මෙම ජාතික තෝරාගැනීමේ තරග සදහා සහභාගි වුහ.

මෙම තරගාවලියේදී යුද හමුදා කාන්තා මුෂ්ටි ප්‍රහාරක තරගකාරීයන්ද සියළු බර පන්ති යටතේ තරග වැදී රන් පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගන්නා ලදී.

තරගාවලියේ දක්ෂතා දැක්වුවන් පහතින් දැක්වේ.

ලාන්ස් කෝප්‍රල් එම්.වී.අයි.ආර්.එස් බණ්ඩාර - 16 ඉංජිනේරු සේවා බලකාය - 1 වන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් එන්.බී.ඒ.ජේ විමුක්ති කුමාර - 5 ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය - 1 වන ස්ථානය

ලාන්ස් බොම්බොඩියර් ජේ.පි.එන්.එන් ජයවීර - 16 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - 1 වන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.පි ධර්මසේන - 7 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය - 2 වන ස්ථානය

කෝප්‍රල් ඩබ්.ආර්.ටී වීරක්කොඩි - 1 ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය - 2 වන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් පී.එම්.එල්.එල් චන්ද්‍ර බණ්ඩාර - 7 ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය - 2 වන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ආර්.ඩබ්.එම්.එස්.බී රාජකරුණා - 6 ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය - 2 වන ස්ථානය

මාණ්ඩලික සැරයන් එම්.ඒ.ඩී මල්ලවආරච්චි - 1 ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය - 2 වන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ඩබ්.ඒ.ආර් සදකැලුම් - 1 විජයබාහු පාබල රෙජිමේන්තුව - 2 වන ස්ථානය

සාමානය සෙබල එච්.එස් ප්‍රියදර්ශණී - 3 ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය - 3 වන ස්ථානය

Nike shoes | UK Trainer News & Releases