Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2017 13:34:30 Hours

වාර්ෂීක මාණ්ඩලික සාකච්ඡා පාකිස්තානු සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා එක්ව සිදුකරයි

ශ්‍රී ලංකා සහ පකිස්ථානු සන්නද්ධ හමුදාවන් අතර මාණ්ඩලික සාකච්ඡා සිව්වන වරටත් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදි සෙනසුරාදා (23) දින ආරම්භ වු අතර එහිදී ද්විපාර්ශ්වික සහයෝගිතාවය තවදුරටත් වර්ධනයකර ගනිමින් පවත්වාගෙන යාමට නියෝජිතයින් එකඟ වන ලදි.

පකිස්තානු යුද්ධ හමුදා මුලස්ථානයේ (Director General Command, Control, Communication, Computers and Intelligence Directorate at the General Headquarters) පොදු අණ, පාලන, පණිවුඩ හුවමාරු, පරිගණක සහ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා වන මේජර් ජෙනරාල් හෆිස් උර් රෙහමාන් (Major General Hafeez Ur Rehman) ගේ ප්‍රධානත්වයෙන් පැමිණි සය සාමාජික පාකිස්තානු යුද හමුදා නියෝජිත පිරිස, සංඥා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන දොරටුව අභියස දී යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටම්පිටිය විසින් පිලිගනු ලැබීය.

යුද්ධ හමුදා මුර ආචාරයක් පිරිනමා පකිස්තානු නියෝජිත පිරිසේ ප්‍රධානි පිලිගැනිමෙන් අනතුරුව යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් වි‍දේශ නියෝජිත පිරිස සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී නිල වශයෙන් පිලිගනු ලැබිය.

ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, පර්යේෂණ විශ්ලේෂක ව්‍යාපෘති සහ සංවර්ධන ශාඛාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රේණුක රොවෙල්, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටම්පිටිය, සංඥා බලසේනාධිපති බ්‍රිගේඩියර් තිලක් වෛද්‍යරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විශේෂඥයින්, ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරින් සහ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන අනෙකුත් ජ්‍යෙෂ්ඨ සංඥා නිලධාරින් ඇතුළු 18 කට ආසන්න සංඥා නිලධාරින් පිරිසක් පකිස්තානු නියෝජිත පිරිස සමග මාණ්ඩලික සාකච්ඡාවන්ට සහභාගි වූහ.

වෘත්තීය අවබෝධයන් බෙදාහදා ගැනිමට ඇති ඉඩ ප්‍රස්ථා, ද්වීපාර්ශික අනෝන්‍ය අවශ්‍යතාවයන් හුවමාරුකරගැනිම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සයිබර් ආරක්ෂණ පිළිවෙත් මෙහිදි සාකච්ඡාවට ලක්විය.

විශේෂඥ දැනුම සහ නව තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් ද්වී පාර්ශවීය සන්නද්ධ හමුදාවන් අතර අනාගත යුදමය උපයෝගීතාවයන් සැබැදිව සෘජුව සහ විවෘතව තොරතුරු හුවමාරු කරගැනිම හරහා අනෝන්‍ය වශයෙන් වාසිදායක වෘත්තිමය නිපුණත්වය ඔප් නැංවිමේ අදහසින් වර්ෂ 2012 දී දෙරට හමුදා අතර මාණ්ඩලික සාකච්ඡා ආරම්භ කරන ලදි.

පකිස්තානු නියෝජිත පිරිස තම ශ්‍රී ලංකා සංචාරය අතර තුරදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ප්‍රධාන සංඥා නිලධාරි ද හමුවුහ.

spy offers | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp