Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2017 14:23:40 Hours

සංචාරක ඉන්දීය දුත පිරිස දිවි පිදු ඉන්දියානු රණවිරුවන් සමරයි

සය දින (සැප්තැම්බර් 24 - 29) අධ්‍යාපන සංචාරයක නිරත ව සිටින ඉන්දියානු ගුවන් හමුදා ගුවන් කොමදෝරු සුරේෂ්‍හොලන්නර් (Air Commodore Suresh Hollannavar) ප්‍රමුඛ ඉන්දියානු හමුදා උසස් අණ පාඨමාලාවේ නිලධාරින් 15 කුගෙන් සමන්විත පිරිස සදුදා (25) දින පස්වරුවේදි අසුව දශකයේ දී ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේදි දිවි පිදු ඉන්දියානු සාම සාධක හමුදා විරුවන් සිහිකර ගෞරව ආචාර පුද කරන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් භට පිරිස් අනුස්මරණ උත්සවය ආරම්භ විම අපේක්ෂාවෙන් සිරුවෙන් සිටි අතර යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ, කර්නල් පරිපාලන, කර්නල් අනිල් ඉලංගකෝන් රණවිරු ස්මාරකය අභියසදී සංචාරක ඉන්දීය යුද හමුදා නිලධාරීන් උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.

අනතුරුව දිවිපිදු ඉන්දිය හමුදා විරුවන්ට ගෞරව පුද කරනු වස් ඉන්දීය හමුදා ගුවන් කොමදෝරුවරයා ඇතුළු පිරිසට විශේෂ පීඨිකාව වෙත ආරාධනය කරන ලදී.

ඉන් අනතුරුව ඉන්දිය දුත පිරිසේ ප්‍රධානි ගුවන් කොමදෝරු සුරේෂ්‍හොලන්නර් ශ්‍රී ලංකා යුද හමුදා ගෞරව මධ්‍යයේ ඉන්දීය රණවිරු ස්මාරකය අභියසට ගමන් කොට පුෂ්පෝහාර දක්වන ලදී.

හමුදා සම්ප්‍රදායන්ට අනුකුලව හමුදා අවර බියුගල් නලා හඩින් කෙටි උත්සවයේ සමාප්තිය සනිටුහන් වු අතර ගුවන් කොමදෝරු සුරේෂ්‍හොලන්නර් ආරාධිත අමුත්තන්ගේ පොතහි සටහනක් තැබීමට ද නික්ම යාමට ප්‍රථම අමතක නොකලහ.

Running sport media | adidas Yeezy Boost 350