Header

Sri Lanka Army

Defender of the Nation

24th September 2017 21:52:34 Hours

වන්නි පාසල් සිසුන්ද ‘වන්නි ඉනොවේටා - 2017’ ප්‍රදර්ශණය නැරඹීමට පැමිණේ

යුද්ධ හමුදා සාමාජිකයින් නව නිපැයුම් බිහිකිරීමෙහිලා දිරිමත් කරමින් ‘වන්නි ඉනොවේටා - 2017’ (Wanni Innoveta - 2017) ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 23 - 24 දිනයන්හිදී වව්නියා ජාතික අධ්‍යාපන පාසලේදී පැවැත්වීය.

යුද්ධ හමුදා සාමාජිකයින් සිය ගණනක් 21, 54, 56, 61, 62 සේනාංක සහ උතුරු මැද පළාත් ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් මෙම ප්‍රදර්ශණයේදී ඔවුන්ගේ නව නිර්මාණ සහ නිර්ණාත්මක කුසලතාවයන් එළිදැක්වූහ.

යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රදර්ශණ කුටි 40 ක පමණ තම නව නිපැයුම් ප්‍රදර්ශණය කල අතර, 21 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා, වන්නි ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා වෙනුවෙන් පැමිණ මෙම ප්‍රදර්ශණය උත්සවාකාරයෙන් විවෘත කළහ.

ප්‍රදර්ශණ තරඟයන්හි ප්‍රථම ස්ථානය හා දෙවන ස්ථානය පිළිවෙලින් 14 වන ස්වේච්ඡා පාබල හමුදා ඒකකය වෙත සහ 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් හිමිකරගන්නා ලද අතර, තෙවන ස්ථානය 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බලඇණියට හිමිවිය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ උපදෙස් මත 56 වන සේනාංකයෙහි බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාරගේ අධීක්‍ෂණයෙන් ප්‍රදර්ශණය සංවිධානය කර තිබුණි. උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ අණදෙන නිළධාරී, මෙහි ආරක්‍ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරී, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ සියළු අණ මූලස්ථාන, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් නිළධාරීන්, වව්නියාව අධ්‍යාපන කලාපයේ පාසල් ගුරුවරුන් සිසුන් සහ ප්‍රදේශවාසීන් රැසක් ප්‍රදර්ශණය නැරඹීමට දෙදින පුරාම පැමිණ සිටියහ.

latest jordans | Nike for Men