Header

Sri Lanka Army

Defender of the Nation

24th September 2017 21:47:26 Hours

වන්නි පාසල් සිසුන් පලාලි ගුවන් තොටුපොල නරඹයි

වව්නියාව සේනායිප්පුලව් උමයියාල් විදුහල (Vavuniya Senaippulavu Umaiyall Vidyalaya) විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිකුරාදා (22) දින එම පාසල් සිසුන්ට යාපනය පලාලි ගුවන් තොටුපොල නැරඹීමට පහසුකම් සලසා දෙන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්බන්ධතාවයෙන් මෙසේ පාසල් සිසුන් 33 ක්, දෙමාපියන් 28 ක් සහ ගුරුවරුන් 04 දෙනෙකුගෙන් සැදුම්ලත් පිරිසට ගුවන් තොටුපොල නැරඹීමට අවස්ථාව සලසා දුන් අතර, ඔවුන් ඒ පිළිබඳව යාපනය ආඥාපතිවරයාට තම කෘතඥතාවය පළකලහ.

best Running shoes brand | Air Jordan