Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2017 13:38:00 Hours

ස්විට්සර්ලන්ත විශ්ලේෂක සහ තානාපති දුත නිලධාරි හිටපු සන්නද්ධ ප්‍රචන්ඩකාරින්ගේ තතු විමසයි

ස්විට්සර්ලන්තයේ මානුෂ සංචරණය පිළිබඳ රාජ්‍ය ලේකම් කර්යාලයේ (State Secretariat for Migration) රාජ්‍ය පිලිබඳ විශ්ලේශක ඇන්ඩ්‍රියාස් ස්ක්මිඩ් මහතා (Mr. Andreas Schmid) සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ පලමු ලේකම් ගිසෙලා ෂ්ලුප් මහත්මිය (Mrs. Gisela Schluep) අඟහරුවදා (19) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟ නිල සාකච්ඡාවක් පැවැත්විය.

පුනරුත්ථාපනය කරන ලද පුනරුත්ථාපනය වු හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ වර්තමාන තත්ත්වය සහ සාමාජිය, ආර්ථික සහ මනෝවිද්‍යාත්මක වශයෙන් ඔවුන් ලබා ඇති සාර්ථකත්වයත්, මුහුණ දෙන අභියෝග පිලිබඳවත් අවබෝධයක් ලබාගැනීම මෙම සුහද සාකච්ඡාවේ අරමුණ විය.

පුනරුත්ථාපනය වු හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ වර්තමාන ජිවන තත්ත්වය පිළිබඳව විදේශ දුත පිරිසට විශ්ලේශනාත්මකව කරුණු පැහැදිලි කල යාපනය ආරක්ෂක සේනා ආඥාපති, ඔවුන්ගේ සමාජිය සහ ආරථික මට්ටම ඉහල නැංවීමෙහිලා වු අවශ්‍යතාවයන් පිලිබඳව ද තවදුරටත් පැහැදිලි කරදුන්හ.

පුනරුත්ථාපනය වු හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ තත්ත්වය පිලිබඳව විදේශ දුත පිරිස දැනුවත් කිරීම වෙනුවෙන් ඔවුන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයාට තම කෘතඥතාවය පල කළහ.

Sportswear Design | Nike Dunk - Collection - Sb-roscoff