Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2017 18:24:50 Hours

විශ්මිත ප්‍රහාර සහ සතුරු ස්ථාන අත්පත් කරගැනීමේ ක්‍රියාන්විත සමගින් ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය තවදුරටත්

විශේෂ බලකා භට පිරිස් විසින් ප්‍රබල සතුරු මර්මස්ථානයකට එල්ල කරන ප්‍රහාරයක් සහ සතුරු ආරක්ෂිත නිවාසයක් වැටලීම නිරූපණය කෙරෙන යුධ අභ්‍යාසයක්, නැගෙනහිර ප්‍රදේශයේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා’ ක්ෂේත්‍ර යුද්ධ ක්‍රියාන්විත අභ්‍යාසයේ එක් අංගයක් ලෙස වැලිකන්ද ශර්ධාපුර ප්‍රදේශයේ දී සිදු කෙරිණි.

විදේශිය හමුදා නියෝජිතයින් 69 දෙනෙකු සමඟ ත්‍රිවිධ හමුදා භට පිරිස් සහභාගි වු මෙම ක්ෂේත්‍ර යුද්ධ අභ්‍යාසය ඉරිදා (24) දින මින්නේරියේ දී පැවැත්වෙන කෙටි උත්සවයකින් අනතුරුව සමාප්තියට පත්වීමට නියමිතය.

වැලිකන්ද ප්‍රදේශයේ දී ක්‍රියාවට නැංවු පුහුණු අභ්‍යාස හදිසි සෝදිසි ප්‍රහාරක මෙහෙයුමේදී භට පිරිස් විසින් සතුරු නායකයින් අත්අඩංගුවට ගෙන අනතුරුව ගුවන් හමුදාවේ සහාය ඇතිව යුධ අභ්‍යාස ක්‍රියාන්විත මුලස්ථානයට රැගෙන යන ලදී.

තවද, ගුවන් සංග්‍රාමික, කමාන්ඩෝ සහ ගුවන් හමුදා භට පිරිස් විසින් ඒකාබද්ධව දියත් කරන ලද මෙවැනිම ක්‍රියාන්විත අංගයක් මඩකලපුව ප්‍රදේශයේ පවත්වන ලද අතර, එහිදි සතුරු කඳවුරකට ප්‍රහාර එල්ල කර අත්පත් කරගන්නා ආකාරය අභ්‍යාසයේ යෙදෙන ලදී.

මේ අතර, ආරක්ෂක සේනා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරින් මින්නේරිය ක්ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාස මුලස්ථානයට චාරිකාවක නිරතව, පුහුණු යුධ ක්‍රියාන්විත මෙහෙයුම් පිළිබඳව වැඩිදුර දැනුමක් ලබාගන්නා ලදි.

තවද, පුහුණු යුධ අභ්‍යාසයට සහභාගි වු විදේශිය නියෝජිතයින් සඳුදා (19) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සිදු කල සංචාරයේ දී පුහුණුකරුවන් සහ කැඩෙට් නිලධාරින් හමුවුහ.

සිකුරාදා (22) සහ සෙනසුරාදා (23) දින පැවැත්වෙන අභ්‍යාස සංදර්ශන කිහිපයකින් අනතුරුව ‘දියකාවා යුධ අභ්‍යාසය 2017’ සමාප්තවීමට නියමිතය.

latest Nike release | NIKE AIR HUARACHE