Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2017 21:55:00 Hours

අහංගම ගලවාගැනීමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ සහායට හමුදා භට පිරිස්

පුද්ගලයින් 8 දෙනෙකුට තුවාල සිදුකරමින් සඳුදා (18) දින මධ්‍යාහනයේ දී ගාල්ල අහංගම ප්‍රදේශයේ කඩා ඇඳ වැටුණු ඉදිකරමින් පැවැති තට්ටු 5 ක ගොඩනැගිල්ලට යටවු පිරිස් බේරාගැනීම සහ ඉවත් කිරීමේ සහායට බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 58 සේනාංකය යටතේ ස්ථාපිත 16 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකා භට පිරිස් ද පොලිසිය, ගුවන් හමුදා භට පිරිස් සාමාන්‍ය වැසියන් සමඟ එක් විය.

මෙම හදිසි අනතුර පිළිබඳව දැනුවත් වු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර එම අනතුර සිදුවු ස්ථානයට ආසන්නවම ස්ථානගත භට පිරිස් වහාම ආධාර පිණිස යොදවන ලෙස 58 වන සේනාංකයට උපදෙස් ලබාදි තිබුණි. ඒ අනුව, ක්‍රියාත්මක වු 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සිද්ධිය වු ස්ථානයට ආසන්නවම ස්ථානගතව සිටි 16 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකා භට පිරිස් ආධාර පිණිස යෙදවීමට උපදෙස් ලබාදුන්හ.

Best jordan Sneakers | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite