Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2017 06:00:06 Hours

මුරුකක්න්ඩිහි වැසියන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හමුදා සෙබළුන්ගේ පෞද්ගලික මුදලින් මිලදී ගනී

කිළිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මුරුක්කන්ඩි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 10 ක් වෙත තම පුද්ගලික මුදල් වියදම් කරමින් වියළි ආහාර පාර්සල් බෙදාදීමක් සිදුකරනු ලැබීය.

මුරුක්කන්ඩි ප්‍රදේශයේ අගහිඟකම් හේතුවෙන් දුෂ්කරතාවයට පත්වූ පවුල් කිහිපයක් පිළිබඳව සොයාබැලීමෙන් අනතුරුව 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් ඉදිරිපත් වී මෙම වියලි සලාක බෙදා දීම සිදුකරන ලදි.

සෑම වියලි සලාක මල්ලක්ම රු. 2500/= ක් පමණ වටිනා සහල්, පරිප්පු, සීනි, තේ, සබන්, පිටි, මිරිස්, කුළුබඩු, කිරිපිටි පැකට් ආදී වියලි ආහාර ද්‍රව්‍යයන්ගෙන් සමන්විත විය.  

4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වන මේජර් නලින් වික්‍රමආරච්චිගේ මෙහෙයවීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර මේ සඳහා දායකත්වය දැක්වූ නිලධාරින් හා සෙසුනිළයින් කිහිප දෙනෙකු අදාල අවස්ථාව සඳහා සහභාගි විය.

affiliate link trace | adidas Campus 80s South Park Towelie - GZ9177