Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2017 13:28:05 Hours

අන්තර් රෙජිමේන්තු පැරා පාපැදි සහ රෝදපුටු තරඟාවලිය රත්නපුරේ දී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා ක්‍රීඩා තරඟාවලියේ එක් අදියරක් ලෙස ‘අන්තර් රෙජිමේන්තු පැරා පාපැදි සහ රෝදපුටු ධාවන තරඟාවලිය - 2017’ රත්නපුර සීවලි ක්‍රීඩාංගනයේ දී සිකුරාදා (15) දින උදෑසන පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම මත මෙම වසරේ පැරා පාපැදි සහ රෝදපුටු ධාවන තරඟාවලිය රත්නපුර, කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මුලස්ථාන බළඇණිය විසින් සංවිධානය කර තිබුණි.

අන්තර් රෙජිමේන්තු පැරා පාපැදි ධාවන තරඟය, රත්නපුර සීවලි ක්‍රීඩාංගනය ඉදිරිපිටින් අරම්භවි පැල්මඩුල්ල ඔරාලෝසු කණුව අභියසින් හැරි නැවත රත්නපුර දක්වා දිවෙන කිලෝමීටර 53 ක ගමන් මාර්ගය ආවරණය කරමින් පැවැත්විණි.

මේ අතර, අන්තර් රෙජිමේන්තු රෝදපුටු ධාවන තරඟය පරකඩුව තිරිවාන හන්දියෙන් ආරම්භවි රත්නපුර සීවලි ක්‍රීඩාංගනය දක්වා දිවෙන කිලෝමීටර 23 ක ගමන් මාර්ගය ආවරණය කරමින් පැවැත්විය.

මෙහිදි, අන්තර් රෙජිමේන්තු පැරා පාපැදි ධාවන තරඟයේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට සහ රෝදපුටු ධාවන තරඟයේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා පාබල හමුදාවට හිමිවිය.

ජයග්‍රාහකයින් හට සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඩී.සී.ජී.ජේ තිලකරත්න සහභාගි විය.

ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ පැරා තරඟාවලිය සඳහා සහභාගි වු තරඟකරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

latest jordan Sneakers | Autres