Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2017 14:52:33 Hours

නව 541 වැනි බලසේනාධිපති රාජකාරි අරඹයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වු මන්නාරම කල්ලියඩි ප්‍රදේශයේ පිහිටි 541 වැනි බලසේනා මුලස්ථානයේ 5 වැනි බලසේනාධිපතිවරයා ලෙස කර්නල් කේ.ආර්.කේ.කේ.ටි. බංඩාර සඳුදා (04) දින රාජකාරි ආරම්භ කරන ලදී.

541 වන බලසේනාවට ඇතුළුවිමේ දොරටුව අභියස දී නව බලසේනාධිපතිවරයාට කඳවුරු ආරක්ෂක මුරයකින් දැක්වු හමුදා ආචාර පිලිගැනීමෙන් අනතුරුව රාජකාරි ලිපි ලේඛණ කිහිපයකට කාර්යාලයේ දී අත්සන් තබමින් නව බලසේනාධිපතිවරයා රාජකාරින් භාර ගැනීම සනිටුහන් කලහ.

වැඩභාරගැනිම සනිටුහන් කරමින් 541 බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කර සියලු නිලයින් අමතා අනතුරුව ඔවුන් සියළුදෙනා සමගින් තේපැන් සංග්‍රහයකට ද නව බලසේනාධිපතිවරයා එක්විය.

541 බලසේනාවට අයත් අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

latest Running | jordan Release Dates