Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2017 13:53:57 Hours

යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි දියකාව යුධ අභ්‍යාසයේ සංඥා පද්ධතිය නිරීක්ෂණය කරයි

නැගෙනහිර ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක වන දියකාව යුධ අභ්‍යාස ක්‍රියාන්විතය VIII – 2017 හී පණිවිඩ හුවමැරු සංඥා පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිලිබඳව පරීක්ෂා කිරීම සඳහා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ බ්‍රහස්පතින්දා (07) දින මින්නේරිය පුහුණු යුධ අභ්‍යාස මුලස්ථානයෙහි සංචාරයක නිරතවන ලදි.

දියකාව පුහුණු යුධ අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් නිශාන්ත හේරත් විසින් යුධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි පිළිගැනීමෙන් අනතුරුව යුධ ක්‍රියාන්විතයේ ප්‍රගතිය සහ ස්ථාපිත කර ඇති පණිවිඩ හුවමාරු පද්ධතිය පිලිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන ලදි.

මේ අතර, දියකාවා යුධ අභ්‍යාස ක්‍රියාන්විතය VIII – 2017 නිල වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව එම යුධ අභ්‍යාසයේ නිරත විදේශීය භට පිරිස් ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් සහ බොරවැවට ආසන්නව පිහිටි විශේෂ බලකා බලසේනා සහ කමාන්ඩෝ බලසේනා මුලස්ථානයෙහි ස්ථාපිත යුධ අභ්‍යාස පුහුණු මුලස්ථානයේ සංචාරයක නිරතවන ලදී.

Best Authentic Sneakers | Nike News