Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2017 13:05:23 Hours

බෝගස්වැව සහ වේහෙරතැන්න ශීෂ්‍යයන්ට සහ ප්‍රදේශවාසින්ට තවදුරටත් පහසුකම්

වෙහෙරතැන්න රොෂාන් මහානාම ප්‍රාථමික විදුහල් භූමිය තුල ශ්‍රී වජිරාරාම ශාසන සේවිකා සංගමයේ මුල්‍යාධාරයෙන් තනවා නිම කරන ලද නව බුදු මැදුර එම සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් බම්බලපිටිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේ විහාරධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් විසින් පාසල් සිසුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආගමික කටයුතු වෙනුවෙන් පූජා කරන ලදී.

මෙම ප්‍රාථමික විදුහල සහ එම භූමියේම ස්ථාපිත ළදරු පාසල, සුප්‍රකට ක්‍රීකට් ක්‍රීඩක රෝෂාන් මහානාම මහාතාගේ පුද්ගලික ධන පරීත්‍යාගයෙන් ඉදී කරන ලද්දක් වන අතර, මෙම දානමය පූන්‍යකර්මයේ සම්බන්ධීකරණ කටයුතු බම්බලපිටිය වජිරාරාම දායක සභාවේ ලේකම් වන ලක්ෂමන් මහානාම මහතා විසින් ඉටුකරන ලදී.

නව බුදුමැදුර විවෘත කිරීමට සමගාමීව එදිනම කැන්ඩිලා ඒඩ් (Candila Aid PLC) පෞද්ගලික ආයතනයේ ධන පරිත්‍යාගයෙන් නිම කල නව නළ ලිඳ ද සිසු ප්‍රයෝජනය සඳහා විවෘත කරන ලදී. රාජිත ප්‍රනාන්දු මහතා විසින් පරිත්‍යාග කරන ලද වටිනා පොත් තොගයක් විදුහලට භාරදිම ද එදිනම සිදු විය. මෙම විදුහලේ සහ සිසුන්ගේ අභීවෘදීය සහ තත්ත්වය නංවාලීම පිණිස බොහෝ පිරිසක් මේ වන විට ඉදිරිපත් වී සිටිති.

ඉන් අනතුරුව, පරිත්‍යාගශීලින්ගෙන් ලද රුපියල් ලක්ෂ 9 ක ධන පරිත්‍යාගයෙන් 19 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රාමදායකත්වයෙන් ඉඳි කරන ලද නව නිවසක් ද බෝගස්වැව ප්‍රදේශයේ නිවසක් නොමැති දිලිඳු පවුලක් වෙත ප්‍රදානය කිරීමද එදින සිදුවු අතර, උත්සවය අවසානයේ, පරිත්‍යාගශීලින් විසින් වියළි සහ අත්‍යවශ්‍ය ආහාර වර්ග රැසක් ද බෝගස්වැව සහ වෙහෙරතැන්න ප්‍රදේශවාසින් වෙත බෙදාදෙන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා සුප්‍රකට ක්‍රීකට් ක්‍රීඩක රොෂාන් මහානාම සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඇතුළු 62 වන සේනාංකාධිපති, 563 සහ 622 බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගි වුහ.

Nike shoes | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp