Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2017 16:10:31 Hours

‘සංහිඳියාවේ ඕලිම්පික් ගිණිසිළුව’ කිලිනොච්චියට ලඟාවෙයි

යාපනයෙන් ගමන් ආරම්භ කල ශ්‍රී ලංකා ඕලිම්පික් කමිටුව විසින් සංවිධානය කරන ලද ‘සංහිඳියාවේ ඕලිම්පික් පහන’ අගෝස්තු මස 31 දින කිලිනොච්චි ප්‍රදේශයට ලඟාවු අතර, එය කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථානගත 57 වන සේනාංක භට පිරිස් විසින් සාම්ප්‍රදායකව පිලිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඕලිම්පික් කමිටුවේ වැඩසටහනට අනුගතව ඕලිම්පික් ගිණිසිළුව එදිනම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදෙන ලදී.

පසුදින උදෑසන ඕලිම්පික් ගිණිසිළුව රැගත් සංහිඳියා පාගමන කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකින් පසු මුලතිව් දිස්ත්‍රික්කය වෙත ගමන් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර තිබුණි.

මෙහිදි, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් ඕලිම්පික් ගිණිසිළුව 57 වන සේනාංක මුලස්ථානය අභීයසදි ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින් හට භාරදිම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සිහිකරවනු වස් සංකේතාත්මකව පැළයක් රෝපණය කිරීමද එහිදි සිදුවිය. මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් අරුමේනයාගම් සුන්දරලින්ගම් මහතා, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි විය.

මෙම ඔලිම්පික් පන්දම සංහිඳියාව අර්ථවත් කරනු වස් රට පුරා සංචාරයට නියමිතය.

Running Sneakers | Nike News