Header

Sri Lanka Army

Defender of the Nation

01st September 2017 10:25:53 Hours

හත්වන කොළඹ ආරක්ෂක සමුළුව නිමාවට : අන්තවාදය පිළිබඳ විද්වත් කථීකාවතට නව ජවයක්

‘අන්තාවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීම : ගෝලීය ප්‍රවණතා’ යන තේමාවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබු ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017’ ලොව නන් දෙසීන් පැමිණි ආරක්ෂක ක්ෂේත්‍ර ප්‍රවිණයන් 90 දෙනෙකු සහ 800 කට වැඩි ආරක්ෂක සේවා ප්‍රකට විද්වතුන් ඇතුළු 800 කට වැඩි පිරිසක් මධ්‍යයේ නිමාවට පත්වු අතර ලොව පුරා පැතීර යන අන්තවාදයට එරෙහිව ප්‍රායෝගික, උපක්‍රමික සහ වඩාත් සුදුසු විසඳුම් සෙවීමේ උත්සහයන්ට කැපවීම ඔවුන් එහිදි සපථ කලහ.

සම්මන්ත්‍රණයට සහභාගී වු විදේශීය සහ දේශීය විද්වතුන්ගේ කාලීන වැදගත් ගැටළු පිලිබඳව වු හරවත් දේශන නව දැක්මක් සහ අන්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් තොර ගෝලීය සමාජයක් නිර්මාණය කිරීමට දායකවනු අනුමාන සැසී 7 කින් සමන්විත වු මෙවර සම්මන්ත්‍රණය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සෘජු අධීක්ෂණය යටතේ සහ පුහුණු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් රවිප්‍රිය ගේ සම්බන්ධිකරණයෙන් සියළු අධ්‍යක්ෂක මණ්ඩල සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දායකත්වයෙන් සිදුවිය.

සම්මන්ත්‍රණ සමාප්ති කථාව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආරාධනයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් සිදු කරන ලදි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් ජයවර්ධන, නවදිල්ලි නුවර ආරක්ෂක අධ්‍යයන සහ විශ්ලේෂන ආයතනයේ (Institute for Defence Studies and Analyses) ජ්‍යෙෂ්ඨ විද්වත් සහ ඉන්දිය රජයේ විශේෂ ලේකම් ප්‍රභාමුර්තී, හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නීත්‍ය නියෝජිත සහ හිටපු තානාපති සරලා ප්‍රනාන්දු මහත්මිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය හරින්ද විදානගේ අන්තවාදි ප්‍රචණ්ඩත්වය, අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීම, අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමෙහිලා හමුදාවන්හී කාර්යභාරය, අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ යාන්ත්‍රණය යන සැසීයන්හි මුලාසනය හෙබවුහ.

සඳුදා (28) දින සම්මන්ත්‍රණයේ පිලිගැනීමේ දේශනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පැමිණ සිටි සියළු විදේශ නියෝජිතයින්ට යුද්ධ හමුදාව වෙනුවෙන් සිය කෘතඥතාවය පල කළහ.

ප්‍රසාද් කාරියවසම් මහතා සිය සමාප්තී දේශනයේ දී සහභාගි වු සියළු දෙනාම අන්තවාදී ප්‍රචණ්ඩත්වය සහ ලොවපුරා ඇති ත්‍රස්ත සංවිධාන පිලිබඳව විමසිලිමත් වෙන ලෙසත් අවධාරණය කළහ.

Sportswear free shipping | Nike News