Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2017 18:30:51 Hours

යුද්ධ හමුදාවේ දායකත්වයෙන් චාවකච්චේරි පාසල් සිසුන්ට නව සනීපාරක්ෂක පද්ධතියක්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 523 වන බලසේනාවට අයත් 12 වන ගැමුණු හේවා බලකායේ සහ 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යාපනය චාවකච්චේරි ඩ්‍රිබර්ග් (Drieberg) විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් අවශ්‍ය සනීපාරක්ෂක වැසිකිලි පහසුකම් ඉදිකරදී ඇත.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ හිටපු කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් කේ.ඒ.ඒ. උදය කුමාර විසින් නිව්යොක් හී පදිංචි ඔනිලි එස්. රණසිංහ මහත්මියගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එතුමිය විසින් (රුපියල් 300,000 ක) මුල්‍යමය දායකත්වයක් ලබා දී ඇත.

වැසිකිලි සංකීර්ණය ඉදිකිරිම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් දැක්වු ශ්‍රාමදායකත්වය අගය කරමින්එතුමිය විසින් භට පිරිස් වෙත ටී ෂර්ට් තොගයක් ද පරිත්‍යාග කරන ලදී.

523 වන බලසේනාවේ බලසේනාධිපති, 12 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 523 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, විදුහල්පති, ගුරුවරුන් සහ පාසල් සිසුන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

affiliate tracking url | Nike nike dunk high supreme polka dot background , Gov